Wednesday, January 14, 2026
Follow Us
සිංහල බෞද්ධ උරුමය ගැන හැඟීමක් තියෙන්නේ සිංහල බෞද්ධයෙකුට පමණයි – දයාසිරිගෙනුත් ජොන්ස්ටන්ට ටොක්කක්

සිංහල බෞද්ධ උරුමයක් ගැන හැඟීමක් තිබෙන්නේ සිංහල බෞද්ධයෙකුට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල දී ප්‍රකාශ කොට තිබුණි.

ඒ දෙවන බුවනෙකබා රජුගේ රාජ්‍ය සභාව විනාශ කිරීම ගැන ඔහු හා පොදුජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ජොන්සටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අතර එකිනෙකාට එරෙහිව ප්‍රසිද්ධියේ ම විවේචනය එල්ල කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය.

සිංහල ප්‍රෞඪ ඉතිහාසය ගැන අවබෝධයක් තිබෙන්නේ සිංහල බෞද්ධයෙකුට පමණක් බව ප්‍රකාශ කරන ජයසේකර මහතා සිංහල බෞද්ධයෙකු වන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කතෝලිකයෙකු වේ.

(Lanka Leads)