Monday, August 04, 2025
Follow Us
ප්‍රේමදාස වැඩේ හරියටම කළා - UNP ඡන්දත් රට වෙනුවෙන් අපට දෙන්න

මෙවරත් රට ජාතිය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහනුවර පූජාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසුවේය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයද රනිල් පිල හා සජිත් පිල ලෙස බෙදී සිටින අතර නැවත රෙපෙයාර් කිරීමට නොහැකි වන ලෙස ප්‍රේමදාස මහතා එජාපය දෙකඩ කර තිබෙන හෙයින් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් තම ඡන්දය අපතේ නොහැර රට වෙනුවෙන් පොහොට්ටුවට දෙන ලෙසයි රාජපක්ෂ මහතා සඳහන් කළේ.

එජාපයේ දෙපාර්ශවය නියැලී සිටින්නේ සිරිකොත ඇල්ලීමේ සටනක වන හෙයින් සිරිකොත බලය වෙනුවෙන් එම පාක්ෂිකයන් ඡන්දය දිය යුතු නැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

පොහොට්ටුවට ජන්දය දීම යනු රටට දෙන ජන්දයක් බවද අගමැතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.

(LNW)