Wednesday, January 14, 2026
Follow Us
"මේ ආණ්ඩුවට දැනුමක් නෑ..දන්නවාද ආණ්ඩුව කරලා තියෙන දේ" - සජිත්

වත්මන් ආණ්ඩුවට රටක් ශක්තිමත් කරන්නට දැනුමක් නොමැති බව සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරනවා.

ඒ හපුතලේ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදීයි.

එහිදී "වත්මන් ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් දාලා තීන්දුවක් අරන් තියෙනවා.. ලෝක වෙළඳ පොළේ කොච්චර තෙල් මිල අඩු වුනත් මාස 12කට තෙල් මිල වෙනස් කරන්නේ නෑ කියලා. තෙල් මිල අඩු වෙන කොට ජනතාවගේ වියදම් අඩු වෙනවා. වියදම් අඩු වෙනකොට ජනතාව ආයෝජනය කරන්න පෙළඹෙනවා...ඉතිරි කරන්න පෙළඹෙනවා...ඒවා කරනකොට ඉබේම රටේ ආර්ථිකය ඉහළ යනවා. ඔන්න අපේ ආර්ථිකය ගොඩ නැගීමේ වැඩපිළිවෙලෙන් බිඳක්." යනුවෙන් ද සඳහන් කළා.

(Neth)