Monday, August 04, 2025
Follow Us
මුස්ලිම් ගම්මානයකදී රිෂාඩ්ට ප්‍රහාරයක් … ජනහමුවට නොයා ආපසු හැරී යයි

සමගි ජනබලවේගයෙන් කුරුණැගල දිස්ත්‍රිකකයට තරග වදින මුස්ලිම් අපේක්ෂකයන්ට ආධාර පිණිස රිෂාඩ් බදුර්දීන් මහතා සහභාගීවන ජනහමුවක් ඊයේ රාත්‍රීයේ තෙලියාගොන්න ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම අවස්ථාවේදී ඊට සහභාගී වීමට පැමිණි නසීර් මහතාගේ වාහන කිහිපයකට ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙසේ පහරදීමක් සිදුකර ඇත.

සමගි ජනබලවේගය නියෝජනය කරන රිෂාඩ් බදියුදීන්ගේ දේශපාලන පක්ෂය වන සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ කැරුණැගල දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයෙකුගේ වාහන පෙළකට ඊයේ (22) රාත්‍රීයේ මෙසේ පහරදී ඇත.

මේ කලබලකාරී වාතාවරණය හේතුවෙන් රිසාඩ් බදුර්දීන් මහතා එම ජනහමුනට සහභාගී නොවී ආපසු හැරී ගොස් ඇත. රිසාඩ් බදුර්දීන් මහතාගේ අදහස් වලට විරෝධය පළ කරමින් තෙලියාගොන්න ප්‍රදේශයේ ජනතාව විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවද පැවසේ. මෙම ප්‍රදේශය බහුතර මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශකි.

(Lanka Leads)