Wednesday, January 14, 2026
Follow Us
ඡන්දය ගණන් කිරීම ඇරඹෙන තුරු ඡන්ද පෙට්ටිවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

මෙවර මහමැතිවරණයේදී ඡන්දය විමසීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන පසු දිනය දක්වා කාලය තුළ ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, ඡන්ද පෙට්ටි රඳවා තබන ස්ථානවල එක් - එක් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් දෙදෙනෙකු රඳවා තැබීමට ඉඩ ලබා දී තිබෙනවා.

ඡන්දය ගණන් කිරීම සිදු කරන ස්ථානවල ආරක්ෂාවට පොලිසිය මෙන්ම ඒවායෙන් පිටත ප‍්‍රදේශවල ආරක්ෂාව සඳහා යුද හමුදාව ද යොදවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවේ.

(Neth)