ඉදිරි මහ මැතිවරණයට අදාළව පැවති තැපැල් ඡුන්ද විමසීමේදී තැපැල් ඡුන්දය භාවිත කිරීමේ අඩුවක් දක්නට ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති මහින්ද දේශපි‍්‍රය සදහන් කළේ දත්ත එක්රැස් කිරීමෙන් පසු තවත් අතිරේක දිනයක් තැපැල් ඡන්දය සදහා ලබාදිය යුතු දැයි තීරණය කරන බවයි.
මෙලෙස තැපැල් ඡන්දය භාවිතයේ අඩුවක් සිදුවීමට සැබෑ ලෙසම බලපෑ හේතු සොයා බලන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කළා.
ඉදිරි මහ මැතිවරණයට අදාළව තැපැල් ඡුන්දය සලකුණු කිරීම අදින් අවසන් වුණා. ඉකුත් 13 වනදා සිට 17 වනදා දක්වා ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ තැපැල් ඡුන්ද දායකයින්ට අමතර දින ලෙස ඊයේ සහ අද දින ලබාදීමටයි කටයුතු කර තිබුණේ.
(Neth)