Monday, August 04, 2025
Follow Us
අපිට පූට්ටු ආණ්ඩු ඕනේ නැහැ. අපේ ඉලක්කය මන්ත්‍රී ධූර 150ක් - ප්‍රසන්න

ජාතික ආණ්ඩුවක් සෑදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය නොමැති බව ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඇතැමුන් ජාතික ආණ්ඩුවක් හදන බවට මාධ්‍ය හරහා කීමට උත්සහ කළද අන්තවාදී නායකයින් සමඟ කිසි අවස්ථාවක ජාතික ආණ්ඩුවක් සෑදීමට සූදානම් නැති බවයි රණතුංග මහතා සඳහන් කරන්නේ.

"සමහර අය උත්සහ කරනවා මාධ්‍යවලට කියන්න අපි මේ එක එක්කෙනා එක්ක එක්කහුවෙලා පූට්ටු ආණ්ඩුවක් හදයි කියලා. ජාතික ආණ්ඩුවක් හදයි කියල. මම පැහැදිලිව කියනවා අන්තවාදී දේශපාලන පක්ෂ නායකයින් එක්ක අපි කිසිම අවස්ථාවක ජාතික ආණ්ඩුවක් හදන්න සූදානම් නැහැයි කියන එක. අපි උත්සහ කරන්නේ පොහොට්ටුවෙන්ම මන්ත්‍රී ධූර 150ක් ගන්න. ඒකයි මම හැමතැනම උගුර ලේ රහ වෙනකම් කතා කරලා කියන්නේ. පොහොට්ටුවේ අය ඉන්නවා පොහොට්ටුවේ ලකුණ ගහගෙන ගියාට ඔවුන් පොහොට්ටුවේම නොවෙයි. දැන් හදන්නේ අපේ ජන්දවලින් ඇතුළට ඇවිල්ලා ඇතුළේ කල්ලියක් ගහල ඒ ඡන්ද ටික පෙන්න පෙන්න රිමෝට් එක අතේ තියාගෙන අපිව නටවන්න" යැයි ප්‍රසන්න රණතුංග මහතා කියාසිටියි.

ඔහු මෙම අදහස් පළ කළේ අත්තනගල්ල ප්‍රදේශයේ ජන හමුවක් අමතමිනි.

(LNW)