Monday, August 04, 2025
Follow Us
මැතිවරණ කොමිසම නීතිපතිගේ රාජකාරියන් පවරාගෙනද? – ජනතාව ප්‍රශ්ණ කරති

පාස්කු ප්‍රහාරයට වග කිව යුතු බවට සමාජයේ ප්‍රභල චෝදනාවකට ලක්ව සිටින රිෂාඩ් බදුඋදීන් මහතාගෙන් ඊට අදාළ ප්‍රශ්ණ කිරීම මැතිවරණය අවසන් වන තුරු කල්දැමිය යුතු බවට මැතිවරණ කොමිසම විසින් ඉල්ලා සිටීම මේ රටේ ජාතියේ ආධිපත්‍යයට කරන ලද පහත් පෙලේ ප්‍රහාරයක් බව ජනතාව පවසති.

ලංකා ලීඩ් වෙත දස දෙසින් ලැබෙන ඇමතුම් වලින් ඊට ප්‍රභල විරෝධයක් එල්ල වේ. මැතිවරණ කොමිසම නිවැරදි නම් රටේ නමගිය අපරාධ කාරයින් කළ යුත්තේ ස්වාධීන කණ්ඩායමක් මඟින් හෝ මැතිවරණයකට තරඟ කිරීම මඟින් මුක්තියක් ලබා ගැනීමය.

එවිට මැතිවරණ කාලය යනු අපරාධකාරයින්ට නීතියට පිටින් නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස ලොව පුරා තහවුරු වනු ඇත. මෙම තත්වය අරාබි සල්ලි වල බලවත්කම ප්‍රදර්ශණය කරන බව ජනතාව පවසති.

(Lanka Leads)