Monday, August 04, 2025
Follow Us
ගැසට්ටුවට අනුව පක්‍ෂ නායක එන රැස්වීමට පිරිස 500 ට සීමාවෙයි

කොවිඩි 19 වෛරස රෝගය පැතිරීම පාලනය කර ගනිමින් ඡුන්ද රැුස්වීම් පැවැත්වීම සහ ඡුන්ද විමසීම සිදුකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පසුගිය 17 වැනිදා මධ්‍යම රාති‍්‍රයේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව දේශපාලන පක්‍ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා සහභාගි වන රැුස්වීම් සඳහා සහභාගි කරගත හැකි පිරිස පන්සියයක් වන අතර සංවිධායකවරයකු සහභාගි වන රැස්වීමක් සඳහා සහභාගි විය හැකි සංඛ්‍යාව තුන්සියයක් දක්වා සීමාකර ඇත.

එසේම ඡුන්ද රැුස්වීමක් පැවැත්වීමට පැය 24 කට පෙර ඒ පිළිබඳ ලිඛිත දැන්වීමක් රැුස්වීම් පවත්වනු ලබන ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛi නිලධාරියා වෙත ලබාදිය යුතුය.

රැුස්වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ එම තැනැත්තා සම්බන්ධකර ගත හැකි විස්තර වාර්තාවක් පවත්වාගත යුතුය.

රැුස්වීම සඳහා පැමිණෙන තැනැත්තන්ට සබන් හෝ විෂබීජනාශක යොදා දෑත් සෝදා ගැනීමට ප‍්‍රමාණවත් පහසුකම් සැපයිය යුතු අතර එම පරිශ‍්‍රයට පැමිණෙන සෑම තැනැත්තකුම එම පරිශ‍්‍රයට ඇතුළු වීමට පෙර දෑත් සෝදනු ලබන බවට වගබලා ගත යුතුය.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇති සෙසු උපදෙස් මෙසේය.

කථිකයා ඇතුළුව රැුස්වීම සඳහා පැමිණෙන තැනැත්තන් දෙදෙනකු අතර පරතරය මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් තබාගත යුතුය.

රැුස්වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තකුම සෑම විටදීම මුඛ ආවරණ පැළඳ සිටීමට වගබලාගත යුතුය.

ඡුන්ද හිමියන්ගේ ඡුන්දය ඉල්ලීමේ කටයුතු හෝ අත්පති‍්‍රකා හෝ වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය බෙදාහැරීමට නිවෙස් වෙත යෑමේදී එම කණ්ඩායම පස් දෙනකුට සීමා වේ.

මෙම සෑම අවස්ථාවකදීම මුඛ ආවාරණය පැළඳීම සහ නිවැසියන් සමග මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගත යුතුය.

අපේක්‍ෂකයාගේ කාර්යාලය තුළට පැමිණෙන සෑම තැනැත්තෙක්ම මුඛ ආවරණ පැළඳ සිටීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගත යුතුය. අපේක්‍ෂකයාගේ කාර්යාලයට සහ එහි පරිශ‍්‍රයට කිසිම මද්‍යසාරයක් රැුගෙන එන නොවන බවට හෝ එහිදී මiසාරය පානය නොකරන බවට වගබලා ගත යුතුය. අපේක්‍ෂකයාගේ කාර්යාලය සහ එහි පරිශ‍්‍රයේදී සූදු කී‍්‍රඩාවේ හෝ හැකියාව උරගා බැලීමේ කී‍්‍රඩාවේ නොයෙදන බවට වගබලා ගත යුතුය. ඡුන්දය දැමීමට ඡුන්ද පොළට පැමිණීමේදී ද සෑම ඡුන්ද දායකයෙක්ම මුඛ ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට වගබලා ගත යුතු අතර ඡුන්ද පොළට සහ එහි පරිශ‍්‍රයට, ඡුන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයට සහ එහි පරිශ‍්‍රයට, මැතිවරණ කොමෂන් සභාවට සහ එහි පරිශ‍්‍රයට ඇතුළු වීමට පෙර සබන් හෝ විෂබීජ නාශක යොදා දෑත් පිරිසිදු කරගත යුතුය.

(Lanka Leads)