Monday, August 04, 2025
Follow Us
තැපැල් ඡන්දය භාවිත කිරීමට හෙට සහ අනිද්දා අතිරේක දින දෙකක්

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට හෙට (20) සහ අනිද්දා (21) දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී තිබේ.

තැපැල් ඡන්දය භාවිත කිරීමට පසුගිය සඳුදා සිට සිකුරාදා දක්වා සිදුකෙරුණි.

විවිධ හේතු මත එම කාල සීමාව තුළ දී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන් සඳහා හෙට සහ අනිද්දා දින ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

ඒ අනුව තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස් එම දින දෙක තුළ දී තැපැල් ඡන්දය භාවිත කළ හැකිය.

කෙසේ වුව ද රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්ද භාවිත කිරීම එම ප්‍රදේශවල නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඉදිරියේ දී එම ප්‍රදේශවල අයඳුම්කරුවන්ට තැපැල් ඡන්දය භාවිත කළ හැකි දින පිළිබඳ දැනුම්දීමට නියමිතය.

මේ අතර අද (19( නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

(Lanka Leads)