Wednesday, January 14, 2026
Follow Us
කුරුණෑගල පුරාවිද්‍යා ස්ථාන කැඩීම තරයේ හෙළා දකිනවා. නගරාධිපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි - විමල්

දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය බව කියන කුරුණෑගල පිහිටි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානය කඩා දැමීම තරයේ හෙළා දකින බවත් ඊට වගකිවයුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් අමාත්‍ය විමල් විරවංශ මහතා අවධාරණය කරයි.

"අපට දැනගන්න තිබෙන තොරතුරු අනුව පුරාවිද්‍යා කොමසාරිස්වරයා ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඒක පෞරාණික ස්ථානයක් බවට. ඒ නිසා පෞරාණික ස්ථානයක් හැටියට ගැසට් කරපු ස්ථානයක් නගර සභාවට,නගරාධිපතිලට ඕනේ ඕනේ විදිහට විනාශ කරන්න බැහැ. ඒක පුරාවිද්‍යා පනත උල්ලංඝනය කිරීමක් සහ මේ රටේ ජාතික උරුමයකට අත තැබීමක්. ඒ නිසා අපේ ඉල්ලීම කවර තරා තිරමේ පුද්ගලයෙකු වුවත් මේ කරන ලද ක්‍රියාව බලපතල වරදක් බැවින් ඊට එරෙහිව නීතිය ක්‍රියාවට නංවන්න ඕනේ.

ඒ වගේම පුරාවිද්‍යාත්මක උරුමයක් සහිත සම්පත් ආරක්ෂා කරගැනීම කෙරෙහි මීට වඩා අවධානයක් යොමු විය යුතුයි. කිසියම් නගරාධිපතිකෙනෙකුට හෝ නගරසභාවකට පුළුවන්කම තිබෙනවා නම් මේ විදිහට පුරාවිද්‍යාත්මක වටිනාකම් තිබෙන ස්ථාන ගැන තීරණය කරන්න ඒක ඉතාම බරපතල කාරණයක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය විමල් විරවංශ මහතා මේ බව පවුවේ උදය ගම්මන්පිල මහතා සමඟ ඊයේ (18) පැවැත් වූ මාධ්‍ය හමුවකදීය.

(LNW)