මහ මැතිවරණය ලබන 05 වැනිදා නියමිත පරිදි පැවැත්වීමේ හැකියාව තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා. මේ සම්බන්ධයෙන් අද පැවති පක්ෂ නියෝජිතයන්ගේ සාකච්ඡාවේදී සාකච්ඡාවට ගැනිණි.
එහිදී මැතිවරණ කොමිසම අවධාරණය කර තිබෙන්නේ පවත්නා අවදානම් තත්වය මැතිවරණට එතරම් බාධාවක් නොවනු ඇති බවයි.
මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර මෙම සාකච්ඡාව අද රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්විණි.
පවත්නා තත්වය හමුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වී ඇති අතර මැතිවරණයට අදාලව සෞඛ්‍ය අංශ මගින් සකස් කළ සෞඛ්‍ය නිර්දේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම අද මධ්‍යම රාත්‍රියේදී සිදුවනු ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පක්ෂ නියෝජිතයන් දැනුවත් කර තිබෙනවා.
(LNW)