Monday, August 04, 2025
Follow Us
කොරෝනා මඩින්න රනිල්ගෙන් දිනකට PCR 5000 ක් - පාසල් සිසුන්ට මුඛ ආවරණ මිලියන 10 ක්

කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව මුදා ගැනීම සඳහා අනාගත එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ (17) පැවති මහනුවර හාරිස්පත්තුව ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් එජාප නායකයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව දිනකට අවම පීසීආර් පරීක්ෂණ පන්දහස් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය අංශයට ලබාදෙන බව වික්‍රමසිංහ මහතා පවසනවා. වික්‍රමසිංහ මහතා පසුගිය කාලයේදී දිගින් දිගටම රජයට යෝජනා කළේ හැකිතරම් පරීක්ෂණ වැඩිකළ යුතු බවයි.

වෙන්ටිලේටර් යන්ත්‍ර 2000 ක් රෝහල් වෙත ලබා‍දීමට කටයුතු කරන බවත්, කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන සෞඛ්‍ය කාර්යමණ්ඩල වෙත ලබාදෙන විශේෂ ඇඳුම් කට්ටල මෙරටදීම නිෂ්පාදනය කරන බවත් එම ඇඳුම් කට්ටල ඕනෑම පුද්ගලයෙකුට මිලදී ගත හැකි පරිදි සුලබ කරන බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

මීට අමතරව පාසල් සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් මුඛ ආවරණ මිලියන 10 ක් බෙදාදීමට කටයුතු කරන බවද එජාප නායකයා පවසනවා.

(LNW)