Thursday, February 12, 2026
Follow Us
පොහොට්ටුව ඇතුලේ වෙනම සන්ධානයක්

ඒකාබද්ධ විපක්ෂය සමග සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ එකතු කොට වෙනම සංධානයක් පිහිටුවන්නැයි ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ කිීපයක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ ප්‍රජාතන්ත්‍රවාදී හා වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් ඉකුත් අඟහරුවාදා විපක්ෂ නායකවරයාට මේ බව සඳහන් ලිපිය බාරදී ඇතැයි වාර්තා වේ.

එම පක්ෂ තුනට අමතරව ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ දේශවිමුක්ති ජනතා පක්ෂය ද විපක්ෂ නායකවරයාගේ මෙම ඉල්ලීම් කර ඇති බවද දැනගන්නට ලැබේ.

(Lanka Leads)