Monday, August 04, 2025
Follow Us
පුද්ගලික ඉඩම් වල රජයේ මුදලින් සම්මන්ත්‍රණ ශාලා හදලා

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්‍යුදීන් හට කලක පටන් චෝදනා එල්ලවෙමින් තිබෙන්නේ ඔහු අන්තවාදී හා ත්‍රස්තවාදී සංවිධාන සඳහා උදව් කල බවටයි. පසුගිය රජය සමයේ එම චෝදනා වලට නිසි පරීක්ෂණ සිදු නොවීම හා නිතිය ක්‍රියාත්මක නොවීම එම රජය පරාජය වීමට පවා හේතු කාරනා වූ බව නොරහසක්. තවද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට ඔහුට මෙන්ම ඔහුගේ සහෝදරයින්ටද චෝදනා එල්ල වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් එම කරුණු කාරනා වලට යම් සම්බන්ධයක් ඇති බවට සැලකෙන තොරතුරු අනාවරණය කරමින් රජයට අයිති නොවන පුද්ගලික ඉඩම්වල රජයේ වියදමින් සම්මන්ත්‍රණ ශාලා හා දේශනා ශාලා ඉදිකොට ඇති බවට රිෂාඩ් බදුයුදීන් හට චෝදනා එල්ලවේ.

ඒ අනුව කියවෙන්නේ මන්නාරම තාරපුරම් ප්‍රදේශයේ අභ්‍යන්තර වෙළෙඳ අහාර සුරක්ෂිතතා සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශය යටතේ ඉදි කරනු ලැබූ අදාළ ගොඩනැගිලි අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය පරිදි එම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් වල ඉදිකර ඇති බවයි.

මන්නාරම වැනි ප්‍රදේශයක කැලෑ එලි කරමින් මෙවැනි දේශන ශාලා ඉදි කර ඇත්තේ ඇයිද යන්නත් රාජ්‍ය මුදල් මෙසේ අවභාවිතය පිළිබඳවත් වහාම පරීක්ෂණ පැවැත්වීම අදාළ රාජ්‍ය බලධාරීන්ගේ වගකීමකි.

(Lanka Leads)