අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ පුද්ගලික ලේකම්ගේ සහෝදරයා මත්කුඩු ජාවාරමට සුවම සම්බන්ධ බවට ආණ්ඩු පක්ෂයේම දයාසිරි ජයසේකර මහතා පවසන බවත් එවැනි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ත්බාගෙන සිටින්නේ මන්ද යන්න ප්‍රශ්නයක් බවත් සමගි ජනබලවේගයේ අපේක්ෂක රන්ජන් රාමනායක මහතා පවසයි.
දයාසිරි ජයසේකර මහතා කිව්වේ ප්‍රසන්න රණතුංග මහතා ගැන . ඒ කියන්නෙ ගම්පත දිස්ත්‍රික්කයේ බඩ මහත, කඳ මහත, ඔළුව නැති කෙනෙක් කියලා කිව්වේ. ප්‍රසන්න රණතුංග මහතා ගැන කිව්වේ.
එතුමාගේ පොඋද්ගලික ලේකම්ගේ මල්ලි තමයි 'ටයිල් චමින්ද'. ටයිල් චමින්ද තමයි අහුවුනේ අර නාකොටික් එකේ කුඩු විකුණපු 16 දෙනෙක් දැන් අහුවෙලා ඉන්නවනේ. ඒ අය එක්ක එකතු වෙලා වික්කා කියලා තියෙන්නෙ.
එතකොට සුවම කුඩු වලට සම්බන්ධයි කියලා තමයි කියන්නේ ප්‍රසන්න රණතුංග කියලා කියන්නෙ දයාසිරි මහත්තයා
එයා ඒ කාලේ ඉදලම දන්නවනේ මත්ද්‍රව්‍ය ජාවාරම් කඛා කියලා. ඇයි එයා එයාගේ පොඋද්ගලික ලේකම් හැටියට එයාව ගන්නෙ?" යනුවෙනුයි ඔහු සඳහන් කළේ.
රංජන් රාමනායක මහතා මේ බව පවසුවේ නඩු කටයුත්තක් සදහා ඊයේ අධිකරණයට පමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. '
(LNW)