රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය බලයක් අත්‍යවශ්‍ය නොවන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒ සඳහා සරල බහුතර ජනවරමක් ලැබීම ප්‍රමාණවත් බවත්, අවශ්‍ය නම් නව ව්‍යවස්ථාවක් සඳහා නෛතිකව අයිතියක් තිබේදැයි බැලීම සඳහා ජනවරමකට යා හැකි බව ද වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ජේ.ආර්. ජයවර්ධන මහතා එදා සකස් කළ ව්‍යවස්ථාවට රටේ අනාගතය සිරකර තැබීමට තවදුරටත් ඉඩ තැබිය නොහැකි බවත්, තුනෙන් දෙක නොලැබෙන්නේ නම් අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට යා හැකි බවත් හිටපු ඇමතිවරයා පවසනවා. ජනමත විචාරණයකට ගොස් ඒ හරහා නව ව්‍යවස්ථාවක් බහුතර ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම හරහා නව ව්‍යවස්ථාවක් සම්මත කරගත හැකි බවද ඔහු පෙන්වා දෙනවා.
ජේ.ආර්. ජයවර්ධන මහතා ඉනිමග දිගේ උඩට ගොස්, ඉනිමගද උඩට ගෙන ලණුවක් පහලට දමා දැන් එල්ලිලා වරෙන් යැයි කීම සදාචාර සම්පන්න නොවන බව පෙන්වා දෙන වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ කෙසේ හෝ මෙම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවයි.
(LNW)