Monday, August 04, 2025
Follow Us
රාජාංගණයේ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම නවතී

නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති ප‍්‍රදේශ වන රාජාංගණය සහ වැලිකන්ද ප‍්‍රදේශවල නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් තැපැල්පති රංජිත් ආරියරත්න ප‍්‍රකාශ කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ උපදෙස් පරිදි එම පියවර ගත් බවයි.

නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීමේ කටයුතු ඊයේ දිනයෙන් ආරම්භ කෙරුණු අතර නිරෝධායනය වන කිසිදු නිවසක් වෙත නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීම සිදුනොකළ බව ද තැපැල්පතිවරයා සඳහන් කළා.

දිවයිනේ අනෙක් ප‍්‍රදේශවලට තැපැල් ඡුන්ද පති‍්‍රකා බෙදා හැරීම සාමාන්‍ය පරිදි කි‍්‍රයාත්මකයි.

මේ අතර, එළඹෙන මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු අද දෙවන දිනටත් සිදුකෙරෙනවා.

(Neth)