ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය යළිත් වරක් වසා දැමීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඒ, ඩෙල්ටා කොරොනා වෛරස් ප්‍රභේදය එම ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක් තුළයි. දැනට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයට අයත් මෙල්බර්න් නගරයටයි. මෙල්බර්න් නගරයෙන් මේවනවිට ඩෙල්ටා ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව තත්ත්වය තවදුරටත් අවදානම් වීමට පෙර ප්‍රාන්තය වසා දැමීමටයි බලධාරීන් සූදානම් වන්නේ.
තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා චොංකිං හි නිරිතදිග විශ්වවිද්‍යාලයේ (South West University) දී පැවති දිළිඳුකම පිටුදැකීම හා සහයෝගිතා සංවර්ධනය සඳහා වූ කේන්ද්‍රයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී විය. උප අමාත්‍ය වු ජියන්හාවෝ මැතිතුමාගේ ආරාධනය පරිදි එතුමා මෙම උත්සව අංගය සඳහා සහභාගී විය. පාකිස්ථානය, බංගලාදේශය, ඇෆ්ඝනිස්ථානය සහ නේපාලය යන රටවල තානාපති වරු ද මේ සඳහා සහභාගී වූහ.
මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් ලක්ෂ 15 ක් ලබන සිකුරාදා මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන, නියාමන හා සැපයීම් රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන පවසනවා. කොවැක්ස් පහසුකම යටතේ එම එන්නත් තොගය මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ලොව පුරා ව්‍යාප්ත වන භයානක කෝවිඩ් ප්‍රභේදවල ඉහළ සම්භාවිතාව හේතුවෙන් වසංගත තත්ත්වයේ අවසන් වීමේ ඉඩක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා. එම සංවිධානයේ හදිසි ප්‍රතිචාර කමිටුව සඳහන් කරන්නේ විකෘති ප්‍රභේද හේතුවෙන් වසංගත තත්ත්වය අවසන් වීමේ ඇති හැකියාව අවම වෙමින් පවතින බවයි.
ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර පවතින උපායමාර්ගික වශයෙන් වැදගත් දේශ සීමාවක බලය තමන් විසින් අත්පත් කරගත් බව තලෙයිබාන් සංවිධානය පවසනවා. ඒ අනුව තලෙයිබාන් සංවිධානය විසින් එම දේශසීමාව අසල සිය ධජය ඔසවා තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Japan has decided to provide 1.45 million doses of AstraZeneca vaccine manufactured there to Sri Lanka through the COVAX Facility of the World Health Organisation (WHO)to help prevent the spread of COVID-19 in Sri Lanka, the Japanese embassy said.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 16ක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීනය තීරණය කර තිබේ.
පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ද ජාත්‍යන්තරය කළමනාකරණය කළ බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති බවට පත්වීමෙන් පසු ලෝකයේ ප්‍රබල රටවල තානාපතිවරුන් ඔහු හමුවීම සඳහා වැල නොකැඩී එන බව වාර්තා වේ.
Following a grant application made to the World Health Organization by Professor Neelika Malavige and Dr. Chandima Jeewandara, the WHO has agreed to grant Sri Lanka a sum of US.$ 200,000 and 200,000 Rapid Antigen Testing kits, to evaluate the use of RATS and what environments it can be used in, health officials told Daily Mirror yesterday.
චීනයෙන් ලබා ගැනීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 350 ක වටිනාකමට සමාන චීනයේ යුආන් ණය මුදල ණය මුදල ලබා ගැනීම සඳහා මේවනවිට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පවසනවා. ඔහු කියා සිටියේ නුදුරු දිනකදීම එම ණය මුදල ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවයි.
X-press Feeders, operators of the container ship ‘X-press Pearl’, through the vessel owner’s P&I insurers, have made an initial payment of US$3.6 million to the Sri Lankan government to help compensate those affected by the consequences of the fire and sinking of the vessel.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ ලක්සම්බර්ග් හි විදේශ කටයුතු අමාත්‍ය ජීන් ඇසෙල්බෝන් මැතිතුමා ද්විපාර්ශ්වික සහයෝගීතාව සමාලෝචන කරති
නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ශෙයර් බහදූර් ඩියුබා දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ජනාධිපතිනි බිද්‍යා දේවි බණ්ඩාරි ඉදිරියේයි.
දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති ජේකබ් සූමාව සිරගත කිරීමත් සමග ඇති වූ නොසන්සුන්තාව උත්සන්න විම හේතුවෙන් මේ වන විට ඝාතනයට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ යමින් පවතී. හිටපු ජනපතිවරයා සිරගත කිරීමට එරෙහි වෙමින් වීදි පුරා සිය විරෝධතාව දැක්වූ පුද්ගලයින් 800කට ආසාන්න සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවට පත් වී ඇති බව වාර්ථා වේ.
යුවාන් බිලියන 10 ක ණය මුදලක් චීන රජයෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. එය අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහකට සමාන අගයක් බවයි නෙත් නිවුස් කළ විමසීමකදි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. අවශ්‍ය මොහොතක එම ණය මුදල ලබාගැනීමට කටයුතු කරන බවද රාටක් අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.
GENEVA, AFP: The UN Human Rights Council yesterday highlighted the global “scourge” of systemic racism and ordered an independent investigation into racially-fuelled police violence around the world.
ඉන්දියාවේ තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්විය නොහැකි බව ඉන්දියානු වෛද්‍ය සංගමය අනතුරු අඟවා තිබෙනවා. රට පුරා සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමඟ ජනප්‍රිය ගමනාන්ත සහ ආගමික ස්ථානවලට පැමිණෙන බොහෝ දෙනෙක් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකිරීම මෙම තත්ත්වයට හේතු විය හැකි බවයි ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
විදේශ අමාත්‍යංශය විසින් ලොව පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ තොරතුරු එක් රැස් කර ලේඛන ගත කිරීමට පියවර ගෙන ඇත.
Page 221 of 377