Tuesday, July 01, 2025
Follow Us
ෆයිසර් මාත්‍රා තොගයක් දිවයිනට

තවත් ෆයිසර් කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා එක් ලක්ෂ 50,000 ක් අද අලුයම දිවයිනට රැගෙන ආවා. කටුනායක ගුවන් තොටුපළට ලගා වූ කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් මාත්‍රා තොගය මෙරටට රැගෙන ආ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

අදාළ එන්නත් තොගය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට ගුවන් මගින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙනවිත් තිබූ අතර අනතුරුවයි මෙරටට රැගෙනවිත් තිබුණේ.

එලෙස රැගෙන ආ එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩබෑමෙන් පසුව, ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගැනුණු බව ද නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙරටින් ඊයේ කොරෝනා ආසාදිතයින් 4,612 දෙනෙකු වාර්තා වුණා. ඉන් ආසාදිතයින් 647 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

ඉකුත් 28 වනදා සිදුවූ කොරෝනා මරණ 192 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.

(Neth)