පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. ඒ සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් .
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ජපාන යෙන් මුදල් ඒකකය වාර්තාගත ලෙස පහළ වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 23 කට පසු මේ වන විට වාර්තා වන්නේ ජපාන යෙන් මුදල් ඒකකයේ අඩුම අගය බවයි.
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පෙරහුරු තරඟ අද පැවැත්වෙනවා. ඒ, අයර්ලන්ත කණ්ඩායම සමගයි. ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් හී පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පෙරවරු 9යි 30ටයි.
ඉන්දුනීසියාවේ පැවැත්වෙන “මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්” රූ රැජිණ තරඟය සඳහා සහභාගිවීමට ගිය ශ්‍රී ලාංකික නිරූපිකාවකට කටුනායක ගුවන් තොටුපළේදී අකරතැබ්බයක් සිදුව තිබෙනවා. ඒ, ඇය එම තරඟය සඳහා රැගෙන ගිය ශ්‍රී ලංකාව නියෝජනය කරන ඇඳුමෙහි බර වැඩිවීම හේතුවන්.
සිය රට ඉලක්ක කර ඉකුත් දා එල්ල කළ ප්‍රහාර මාලාව හමුවේ රුසියාවට තවදුරටත් සම්බාධක පනවන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.
කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි අයි. පානබොක්කේ මැතිනිය, 2022 ඔක්තෝබර් 11 වැනි දින කොරියානු ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයක් අතරතුර, කොරියානු ජනරජයේ ජනාධිපති යූන් සුක්- යූල් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.
බ්‍රිතාන්‍යයේ 03 වන චාල්ස් රජුගේ කිරුළු පැළඳීමේ උත්සවය සඳහා දින නියම වී තිබෙනවා. ඒ අනුව 2023 වසරේ මැයි 06 වන සෙනසුරාදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී ඔහුගේ රාජාභිෂේකය පැවැත්වීමට නියමිත බවයි බකින්හැම් මාලිගය නිවේදනය කර ඇත්තේ.
ඉරානයේ මර්දනකාරී රජයේ ක්‍රියාකලාපයට විරුද්ධව ජන අරගල නිර්මාණය වී තිබෙන අතර, ඉකුත් දින හිජාබය පැළඳීමේ අඩුපාඩුවක් මත ඉරාන සදාචාර පොලීසිය (Morality Police) විසින් අත්අඩංගුවට ටික දිනකට පසු අභිරහස් ලෙස මරණයට පත්වූ මාහ්සා අමීනි වෙනුවෙන් එකී ජන අරගල උත්සන්න වීම සිදුවිය.
එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගනවල ස්වභාවය පිළිබඳ විශේෂ වාර්තාවක් මේ වන විට එළිදක්වා තිබෙනවා. ක්‍රීඩා විශ්ලේෂකයින් එමඟින් දක්වා ඇත්තේ ඔස්ටේ්‍රලියානු තණතිලිවලදී හයේ පහර සහ හතරේ පහරවලින් ලකුණු රැස් කිරීමට පි‘තිකරුවන්ට මෙවර වෙහෙසවී කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි.
සුප්‍රකට හැරී පොටර් චිත්‍රපට මාලාවේ හැග්රිඩ්ගේ චරිතයට පණදුන් රොබී කෝල්ට්‍රනේ සිය දිවි ගමනට සමුදී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ කෝල්ට්‍රනේගේ නියෝජිතයෙකු විසින් නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ අභාවය පිළිබඳ මාධ්‍යයට දැනුම් දුන් බවයි. මිය යන විට රොබී කොල්ට්‍රනේ 72 වන වියේ පසුවුණා.
Sri Lanka on Thursday abstained as the UN General Assembly voted to adopt a resolution condemning Russia's "attempted illegal annexations" of the four Ukrainian regions following a “referendum”.
කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම (10) පස්වරුව් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
මතභේදාත්මක කැස්ස පැණිය නිෂ්පාදනය කිරිම සම්පූර්ණයෙන් අත්හිටුවන්නැයි ඉන්දිය බලධාරීන් අදාළ නිෂ්පාදන සමාගමට නියෝග කර තිබෙනවා.
යුක්‍රේනය ඉලක්ක කර රුසියාව අද මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළා. විදෙස් මාධ්‍ය පැවසුවේ එරට කිව් අගනුවර ඇතුලු ප්‍රධාන නගර රැසක්ම රුසියානු මිසයිලවලට ඉලක්ක වී ඇති බවයි. රුසියාව මෙලෙස යුක්‍රේනයේ කිව් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කළේ මාස කිහිපයකින් අනතුරුව වීම විශේෂත්වයක්.
Page 112 of 380