Wednesday, January 14, 2026
Follow Us
ලාංකිකයන්ට වරායන් වල රැකියා අවස්ථා

රැකියාවන් සොයන අයට සුභ පණිවිඩයක්


ඉරානයේ ප්‍රධාන වරාය 06ක රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමුකිරීම පිළිබඳ සාකච්ඡා කරන බව ඉරානයේ ශ්‍රී ලංකා තානපති විශ්වනාත් අපොන්සු ප්‍රකාශ කරයි.

ටෙහෙරාන් සහ කොළඹ අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳ අවධානය යොමුවී ඇති බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමඟ අද (17) පැවති සාකච්ඡාවක දී ඔහු සඳහන් කර ඇත.

එසේම ඉරාන සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට එවීම පිළිබඳ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින පිරිස සමඟ සාකච්ඡා කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Aruna