තුර්කියට සහ සිරියාවට බලපෑ භූමි කම්පාව හේතුවෙන් මිය ගිය ගණන තවදුරටත් ඉහළ ගොස් ඇති අතර එය 21,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ශ්රී ලංකාවේ බල්ගේරියානු තානාපතිනි එලේනෝරා ඩිමිට්‍රෝවා ( Eleonora Dimitrova) මහත්මිය මෙරට සේවා කාලය නිම කර සිය රට බලා නික්ම යැමට පෙර ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
තුර්කිය සහ සිරියාව අතර හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 5000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් සහ පාකිස්ථාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හීනා රබ්බානි ඛාර් ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතා ක්‍ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කළ අතර කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කර ගත්හ.
The Assistant Defence Advisor to the High Commission of India, Lieutenant Colonel Puneet Sushil had a meeting with the Commander of the Army, Lieutenant General Vikum Liyanage on Monday (6) at the Army Headquarters.
ඇමරිකාවේ බටහිර නිව්යෝර්ක් බෆලෝ ප්‍රදේශයට අද (06) අලුයම කාලයේ රිච්ටර් මාපකයේ 3.8ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාවක් හටගෙන ඇති බව වාර්තා වේ.
බරපතළ ශීත කාලයකට මුහුණ දී සිටින බටහිර නිව් යෝර්ක්හි වසර 30කින් පසු සිදු වූ විශාලතම භූමිකම්පාව ද මෙයයි.
උදෑසන 6.15ට බෆලෝ නිවැසියන්ට සෙලවීමක් දැනුණු බවත් එය නිවැසියන් කම්පනයකින් අවදි කරවීමට තරම් ප්‍රභල වූ බවත් ජාතික කාලගුණ සේවය තහවුරු කරයි.
කෙසේ වෙතත් මෙම භූමිකම්පාවෙන් යම් ජීවිත හානියක් සිදු වී ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බව ද වාර්තා වේ .
ARUNA
US: Jupiter already reigns as king of the planets - it’s the largest one in our solar system. And now, the gas giant has the most known moons, too.
ගෝලීය හරිත වර්ධන කවුන්සිලයේ සභාපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා අද (07) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
ගිනිකොන දිග තුර්කියේ සිරියානු දේශ සීමාව ආසන්නයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගයින් සංඛ්‍යාව 500 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බවත් ඒ පුද්ගලයින් 11,000 ඉක්මවා ගොස් තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි (Jai Bir Rai) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර විශේෂ හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ (06) සිදු විය.
දකුණු ආසියාතික රටවලට එකිනෙකාගේ අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගත හැකි බවත් දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (සාර්ක්) දැනට පවතින අවහිරතා සමීප සහයෝගීතාවයට බාධා පමුණුවන බවත් බංග්ලාදේශයේ සහ නේපාලයේ විදේශ අමාත්‍යවරුන් වන ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් සහ ආචාර්ය බිමලා රායි අවධාරණය කරති.
පසුගිය සඳුදා තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 7,900 ඉක්මවා ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.
2021 වර්ෂයේ පැවති ශ්‍රී ලංකා තුර්කි ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ඒකාබද්ධ කමිටුවේ දෙවන සැසි වාරයේදී දෙපාර්ශ්වය අතර වෙළෙඳ, ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ තුර්කි ගුවන් විදුලි රූපවාහිනි සංස්ථාව අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පුනර්ජීවනය වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡාවක් යුරෝපා සංගමය සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර පසුගියදා පැවැත්විණි.
Page 97 of 384