Thursday, January 15, 2026
Follow Us
ලබන ජුලි ජපාන් සංචාරකයින් පිරිසක් දිවයිනට

ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ ගවේෂණාත්මක චාරිකාවක් සඳහා දිවයිනට පැමිණි ජපාන දූත පිරිස සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමු වී තිබේ.


ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ ලාංකේය සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් සිදුකිරීමට නියමිතව ඇත.


ඒ අනුව එලඹෙන ජූලි මාසයේ දී 250ගෙන් සමන්විත ජපාන සංචාරකයන් පිරිසක් මෙම වැඩසටහනේ පළමු කණ්ඩායම ලෙස මෙරටට රැගෙන ඒමටත් ඔවුන් බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබේ.