ලොව පුරා විශාල පිරිසකගේ සෙව්ම් යන්ත්‍රය වී තිබෙන Google සිය 25 වැනි උපන්දිනය අද (27) සමරයි.
ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ 73 වන සංවත්සර සැමරුම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණී.
නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව කටාර් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Soltan bin Saad Al-Muraikhi මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඵලදායී සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
පකිස්ථාන රජයේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේ මාල්බරෝ හවුස් (Marlborough House) හි සැප්තැම්බර් 11 වන දින සිට 15 වන දින දක්වා පැවැති 10 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රහිම් රයිසි මහතා (Seyyed Ebrahim Raisi) අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවර දී සිදු විය.
ශ්‍රී ලංකාවේ පකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස් වජිඩ් හෂ්මි මහතා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර හමුවක් ඊයේ (25) අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන අතර, න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අවධාරණය කළේය.
තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි අතර ඊට අදාළව පෙන්නුම් කරන්නේ 12%ක ප්‍රගතියක් පමණක් බවත් අනෙකුත් තීරණාත්මක ඉලක්කවලින් 30%ක් තවමත් සපුරාගෙන නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
චීනයේ බීජිං නුවර පැවත්වෙන 2023 ගෝලීය තිරසාර ප්‍රවාහන සංසදය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක්ව සිටී
වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කළේය.
ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සංවර්ධන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සිය රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය තුළ අඛණ්ඩව සහයෝගය ලබා දීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සිය කෘතඥතාව පළ කරන බව, ශ්‍රී ලංකාවේ තානාපති වශයෙන් සිට සිය සේවා කාලය අවසන් කොට නික්ම යන තානාපති හෂේම් අෂ්ජාසාදේ මහතා පවසයි.
කොවිඩ් වසංගතය සහ ගෝලීය ආර්ථික අර්බුදයේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී එවකට විදේශ අමාත්‍යවරයාව සිටි වත්මන් අග්‍රාමාත්‍යවරයා ලබාදුන් සහයෝගය අගය කරන බව පසුගියදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගෙන් සමුගත් තානාපතිවරයා සිහිපත් කළේය.
දුෂ්කර සහ අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් තුළ ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා තානාපති හෂේම් අෂ්ජාසාදේ මහතාට ස්තූතිය පුද කළේය.
ශ්‍රී ලංකාවට සහය වීමට තානාපතිවරයා දරන විශේෂ ප්‍රයත්නය සහ ශ්‍රී ලංකාවේ යහපත සඳහා ඉරානය විසින් සිදු කරන ලද වැදගත් හවුල් ව්‍යාපාර අවසන් කිරීම සහතික කිරීම සඳහා නොපසුබටව කටයුතු කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශංසාව හිමිවිය.
අමාත්‍ය නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික සහ කොන්සියුලර් අංශයේ ප්‍රධානී කේ. සොහීල් මෙම හමුවට එක්ව සිටියහ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල හමුවට සමගාමීව රුමේනියාවේ විදේශ අමාත්‍යවරිය හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් පසුගියදා සිදු විය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, දකුණු කොරියානු අග්‍රාමාත්‍ය Han Duck-soo මහතා හමුවෙයි. එම හමුව චීනයේ Hangzhou නුවර දී සිදුවිය.
Page 64 of 380