Saturday, January 17, 2026
Follow Us
දකුණු ආසියානු සුදුසුකම් විමර්ශන රාමුව සඳහා අත්සන් තැබේ

කලාපීය සුදුසුකම් රාමුවට අනුගත වූ දෙවන දකුණු ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත්වෙමින්, දකුණු ආසියානු සුදුසුකම් විමර්ශන රාමුව සඳහා වන අනුමත ලිපියට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  මහතා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා  ඊයේ (20)  අත්සන් තැබූහ. 

මෙම කලාපීය සුදුසුකම් රාමුව මගින් සාධාරණ බඳවා ගැනීම් මෙන්ම ක්‍රමවත් ශිෂ්‍ය හා ශ්‍රම සංක්‍රමණයට සහය වේ.

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මේ සඳහා මූල්‍ය ආධාර ලබා දී ඇති අතර, ජාත්‍යන්තර කම්කරු සංවිධානයද මෙම වැඩසටහන සඳහා සහය ලබා දී ඇත.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද එක්ව සිටියා.

එමෙන්ම මෙම වැඩසටහනට අධ්‍යාපන අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සහ ස්විස් සංවර්ධන සහ සහයෝගිතා කාර්යාලය එක්විය.