Saturday, January 17, 2026
Follow Us
හමාස් සංවිධානය ගාසා හී භාවිත කළ උමං ජාලයක් සොයාගනී

හමාස් සංවිධානය ගාසා හී භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගත් බව ඊශ්‍රායල හමුදාව පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයින් භාවිත කළ උමං ජාලයක් බවට මූලික විමර්ශනවලදී හෙළි වූ බවයි.

"භූගත ත්‍රස්තවාදී නගරයක්" ලෙස ඊශ්‍රායල හමුදාව මෙම උමං ජාලය හඳුන්වා දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම උමං ජාලය ගාසා හී ෂිෆා රෝහල ඇතුළු ප්‍රධාන ස්ථාන කිහිපයකට සම්බන්ධ වන බව ඊශ්‍රායල හමුදාව අනාවරණය කළ බවයි.

අදාළ උමං මාර්ගවල හමාස් නායකයින්ගේ නිවාස හා කාර්යාල පිහිටා ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් විය.

-Aruna