Tuesday, February 10, 2026
Follow Us
ස්විස් නිලධාරිනිය ගැන සිද්ධිය ලංකාවේ මාධ්‍ය මෙතරම් උලුප්පන්නේ ඇයි ? ඇමරිකානු තානාපතිවරිය ඇසූ පැනයට ජනපතිගෙන් සුපිරි උත්තරක්

පැහැරගැනීමට ලක් වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පිළිබඳ සිද්ධියට ශ්‍රී ලංකාවේ මාධ්‍යය මෙතරම් ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ ඇයි දැයි මෙරට ඇමරිකානු තානාපතිවරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එහීදි ඇමරිකානු තානාපතිවරිය විසින් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ මෙම සිදුවීම ලංකාවේ මාධ්‍යයන් තුළින් අනවශ්‍ය ලෙස උලුප්පා දක්වමින් සිටින බවයි.

කෙසේ වෙතත් මෙයට පිළිතුරු ලබාදී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ කිසිදු පදනමක් හො සත්‍යතාවක් නොමැති මෙම පැහැර ගැනීමේ සිදුවීම පිළිබඳ පළමුවෙන්ම වාර්තා කළේ නිව්යෝර්ක්ස් ටයිම්ස් ඇතුළු විදෙස් මාධ්‍ය බවයි.

පසුව මෙරට ආණ්ඩු හා විපක්ශ මැති ඇමතිවරුන් මෙම නිළාදාරිනිය ගැන සිදු කළ ප්‍රකාශ මෙන්ම, සිදුවූවායි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන පොලිස් විමර්ශණ නිසා ඒ පිළිබඳව මෙරට තුළ කතාබහට ලක්වී ඇති බවත් ජනාධිපතිවරයා ඇමරිකානු තානාපතිවරියට දැනුම් දී ඇත.

Neth News