Saturday, April 20, 2024
Follow Us
ප්‍රංශ තානාපතිවරයා විදේශ ඇමති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවිය.

මෙම හමුවේ දී, දෙරට අතර පවත්නා බහුවිධ සහයෝගීතාව සහ මිත්‍රත්වය දෙපාර්ශ්වයම පිළිගත් අතර, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කළහ.

මෙම සාකච්ඡාවේ දී, ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා; අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව; ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආයෝජනය සහ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම; අධ්‍යාපනය මෙන්ම, කලාපීය හා බහුපාර්ශ්වික සංසදවල අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ගැටළු කෙරෙහි අවධානය යොමු කෙරිණි.

දෙරට අතර වැඩි සම්බන්ධකතාවයක් ඇති කිරීමට සහ ව්‍යාපාර හා සංචාරක සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට හැකි වන පරිදි කොළඹ සහ පැරිස් අතර ඍජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම මෙහි දී පිළිගනු ලැබීය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ,
2021 ඔක්තෝබර් 20