Saturday, April 20, 2024
Follow Us
නැවේ විනාශයෙන් පෘථිවියටත් හානි

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විශේෂ ප්‍රකාශයක්


එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාව ආසන්න මුහුදේදී විනාශයට පත්වීමෙන් පෘථිවියට සැලකිය යුතු හානියක් සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි. නෞකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පවසන එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත හැනා සිංගර් පරිසර පද්ධතියට අන්තරායකර ද්‍රව්‍ය මුදා හැරීම ඊට හේතුව යැයි ද සඳහන් කරයි.

 

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව පිළිබඳ විමර්ශනය වාර්තාවක් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරගෙන යයි. එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලය විසින් නෞකාවේ ගින්න අවස්ථාවේ දැක්වූ කෙටිකාලීන ප්‍රතිචාර ක්‍රියාමාර්ග සහ ගින්නෙන් අනතුරුව ක්‍රියාත්මක කළ යුතු දිගු කාලීන ප්‍රතිසාධන සැලසුම් නිර්දේශ කරමින් මෙම වාර්තාව ඉදිරිපත් කෙරෙනු ඇත.

ගිනිගත් නැවේ තෙල් කාන්දුව ගැන සොයන්න CIDයත් එයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා මෙරටට පැමිණි තුන් දෙනෙකුගෙන් යුත් එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් කණ්ඩායමක් විසින් කරන ලද නිරීක්ෂණ මත මෙම වාර්තාව සකස් කෙරෙනු ඇතැයි නේවාසික සම්බන්ධීකාරක කාර්යාලය සඳහන් කරයි. මෙම කණ්ඩායමට ප්‍රංශයේ ජාතික තෙල් ප්‍රතිචාර හා පර්යේෂණ මධ්‍යස්ථානයේ (CDRE) ආචාර්ය ස්ටෙෆේන් ලෙ ෆ්ලෝච් හා ආචාර්ය කැමීල් ලා ක්රොයික්ස් සහ ඉතාලියේ ජාතික පාරිසරික ආරක්ෂණ හා පර්යේෂණ ආයතනයේ ලුයිගි ඇල්කාරෝ ඇතුළත් වෙති.

(Aruna)