Thursday, July 03, 2025
Follow Us
ටෙස්ට් ලෝක ශුරතා තරගයේ 03 වන දිනය අදයි

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේ තුන්වන දිනය අදයි. අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන්නේ එංගලන්තයේ සවුත් හැම්ටන්හිදීයී. අදුරු ආලෝක තත්ත්වය හේතුවෙන් ඊයේ තරගය අත්හිටුවන විට පළමු ඉණිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 146 ක් ලබා සිටියා.

නායක විරාත් කෝලි ලකුණු 44 ක් සහ අජින්ක්යා රහනේ ලකුණු 29 ක් ලබා නොදැවී පන්දුවට පහර දෙනවා. රෝහිත් ශර්මා ලකුණු 34 යි. ශුබ්මන් ගිල් ලකුණු 28 කට දැවී ගියා. පන්දු යැවීමේදී ටේ‍රන්ට් බෝල්ට, කයිල් ජැමිසන්, නීල් වැග්නර් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

(Neth)