Thursday, July 03, 2025
Follow Us
බ්‍රසීලයේ කොරෝනා මරණ ලක්ෂ 05 ඉක්මවයි

බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවා තිබෙනවා. ඒ ඊයේ දිනයේදී එරටින් තවත් කොරෝනා මරණ 2,247 ක් වාර්තා වීමත් සමගයි. කොරෝනා මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන දෙවන රට බ්‍රසීලය වන අතර අමෙරිකාවෙන් හය ලක්ෂය ඉක්මවූ කොරෝනා මරණ සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී තිබෙනවා.

බ්‍රසීලයෙන් ඊයේ හදුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81,574 ක්. එරටින් මේ වන විට කොරෝනා ආසාදිතයින් එක් කෝටි හැත්තෑ අට ලක්ෂය ඉක්මවූ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. බ්‍රසීල සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රටතුළ පවතින තත්ත්වය තීරණාත්මක බැවින් වැඩිහිටියන් සදහා එන්නත්කරණය කඩිනම් කළ යුතු බවයි.

බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සෞඛ්‍ය උපදෙස් සදහා සහය නොදැක්වීම රට තුළ යළිත් කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු වි ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ. මේ වන විට බ්‍රසීලයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑ දහස ඉක්මවා තිබෙනවා.

(Neth)