Friday, September 11, 2026
Follow Us
ලොව ලොකුම පවුලේ ප්‍රධානියා අවසන් ගමන් යයි

ලොව විශාලතම පවුලේ ප්‍රධානියා ලෙස සැලකෙන 76 හැවිරිදි සියෝනා චානා නමැති පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පුද්ගලයා ඊයේ (13) මියගිය බවයි.

භාර්යාවන් 38 දෙනෙකු, දරුවන් 89 දෙනෙකු සහ මුනුබුරු මිනිබිරියන් 36 දෙනෙකු ද සිටින මෙම පුද්ගලයා ඉන්දියාවේ මිසෝරාම් ප්‍රාන්තයේදී ජීවත්වූ අයෙකි.

සියෝනා චානාගේ මියයාම සම්බන්ධයෙන් මිසෝරාම් හි ප්‍රධාන අමාත්‍යවරයා ද ට්විටර් පණිවුඩ සටහනක් තබා ඇත.

(Aruna)