Friday, July 04, 2025
Follow Us
එක්ස්ප්‍රස් පර්ල් ගින්නට ලබාදුන් ප්‍රතිචාරයට අමෙරිකාවෙන් ඩොලර් 100,000ක්

ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාරයට සහයක් වශයෙන් අමෙරිකාව විසින් ඩොලර් 100,000ක ආධාරයක් ලබාදී තිබේ.

කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ව්‍යසනය නිසා අසීරුතාවයට පත්ව සිටින ජනතාවට උපකාර කිරීම සඳහා එම පරිත්‍යාගය යොදාගත හැකි බවය.

ඒ අනුව එම මුදල ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය හරහා මෙරටට ලබාදීමට කටයුතු කෙරෙන බව ද එම නිවේදනයේ දැක්වේ.

(Aruna)