Friday, July 04, 2025
Follow Us
ඉන්දියාව පෞද්ගලික අංශයට එන්නත් මිල නියම කරයි

ඉන්දියාවේ පෞද්ගලික රෝහල් කොවිඩ් එන්නත් ලබා දීමේ දී අය කළ හැකි උපරිම මිල නියම කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මිල ඉන්දියානු රුපියල් 780ක් (ලංකා රුපියල් 2,100ක්)
කොවැක්සින් එන්නතේ මිල ඉන්දියානු රුපියල් 1,410ක් (ලංකා රුපියල් 3,800ක්)
ස්පුට්නික් වී එන්නතේ මිල ඉන්දියානු රුපියල් 1,145ක් (ලංකා රුපියල් 3,090ක්)
මේ අතර එන්නත් මාත්‍රාවක් ලබා දීමේ දී රෝහලට අය කළ හැකි උපරිම සේවා ගාස්තුව Service Charge ඉන්දියානු රුපියල් 150ක් (ලංකා රුපියල් 400ක්) ලෙසද නියම කර ඇත.

මේ අතර ඉන්දියාවේ කොවිඩ් දෙවැනි රැල්ලෙහි ආසාදිතයන් වාර්තා වීම මේ වනවිට තවදුරටත් අඩුවෙමින් ඇති ආකාරය දැකිය හැකි වේ.

එරට සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති සංඛ්‍යාලේඛනවලට අනුව අඟහරුවාදා (08 වැනිදා) දිනයේ වාර්තා වී තිබුණේ නව ආසාදිතයන් 92,596ක් පමණි.

අඛණ්ඩව ලක්‍ෂයට අඩු දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ දෙවැනි දිනය එය විය. කෙසේ නමුත් සඳුදා දිනයේ (07 වැනිදා) වාර්තා වී තිබුණේ මෙයටත් අඩු ආසාදිතයන් සංඛ්‍යාවකි.

එම සංඛ්‍යාව 86,498 ක් විය. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන මිලියන 29කි. සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 354,000ක් ලෙසිනි.

(Aruna)