Friday, July 04, 2025
Follow Us
චීනයෙන් යළිත් කොරෝනා පොකුරක්

චීනයේ ගුවැන්ෂූ නගරයේ නව කොරෝනා පොකුරක් පැතිර යමින් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මේ හේතුවෙන් එම නගරයේ මහ පරිමාණ කොවිඩ් පරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි. ගුවැන්ෂූ නගරයෙන් වාර්තා වන නව කොවිඩ් පොකුරෙන් මේ වන විට ආසාදිතයින් 73 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඒ අතරින් ආසාදිතයින් 12 දෙනෙකුම කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම්කර නොමැති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. මෙම තත්ත්වය පාළනය කිරීම සදහා ගුවැන්ෂූ නගරය ආසන්න ප්‍රදේශවලට නව සංචරණ සීමා ද පනවා තිබෙනවා. ඊයේ දිනයේදී එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(Neth)