Saturday, July 05, 2025
Follow Us
අගමැති මහින්ද සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අතර හමුවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අතර හමුවක් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ අරලියගහ මන්දිරයේදීයි.

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ කොවිඩ් මර්දන කටයුතු සදහා චීනයෙන් තවදුරටත් සහය ලබාගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා කළ ඉල්ලීමකට අනුව මෙරටට අවශ්‍ය ඔක්සිජන් සිලින්ඩර් දස දහසක් ඇතුළු වෛද්‍ය උපකරණ රැසක් ලබාදීමට ද චීනය ඉකුත්දා තීරණය කළා.

(Neth)