Tuesday, April 30, 2024
Follow Us
ඉන්දියාවේ සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට පියවර

සෞඛ්‍ය හේතූන් මත හෝ වෙනත් අවශ්‍යතා මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පැවැසුවේය. මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මීළඟ සතියේදී ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙන ඇඳන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර අතරමැද මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

අපි ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සහ ඉන්දීය සංචාරකයන් ලංකාවට ගෙන ඒම පිළිබඳව කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ දී තිබෙන උපදෙස් අනුවයි. ඉන්දියාවෙන් සංචාරකයන් ගෙන්වන එක සති දෙකකට තාවකාලිකව අත්හිටුවලා තියෙනවා. අනිකුත් සංචාරකයන් සම්බන්ධවත් විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවට සෞඛ්‍ය හේතූන් මත හෝ වෙනත් අවශ්‍යතා මත ගිය පුද්ගලයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කඩිනමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා. ඉදිරි සතියේදී ඒ අයට එන්න බැහැ. සතියකට පසුව සංවිධානාත්මක ආකාරයෙන් ඒ අයව රට තුළට ගෙන්වා ගැනීමට අදහස් කරනවා. ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට අපි ගුවන් තොටුපළ සංවිධානය කරලා තිබෙනවා.

(Aruna)