Saturday, July 05, 2025
Follow Us
රුසියානු එන්නතේ දෙවැනි කොටස මැයි 15න් පසු

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් v එන්නතේ දෙවන කොටස මැයි 15 ට පසුව ලැබීමට නියමිත යැයි ජාතිත ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි. ස්පුට්නික් එන්නතේ මාත්‍රා ලක්ෂ දෙකක ප්‍රමාණයක් ලැබීමට නියමිතය. තවත් ලක්ෂ 4ක ප්‍රමාණයක් මේ මස අග වන විට මෙරටට ලැබීමට නියමිත බව සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක සඳහන් කරයි.

මෙම එන්නතේ පළමු මාත්‍රා 15,000ක ප්‍රමාණය පසුගිය 4 වැනිදා මෙරටට ලැබුණි. එය ගොතටුව ප්‍රදේශයේ වයස අවුරුදු 60ට අඩු පුද්ගලයන් සඳහා එන්නත් කිරීම ඊයේ (6 වැනිදා) සිදුකළ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

(Aruna)