Sunday, July 06, 2025
Follow Us
එන්නත ගැනීමට ඩොලර් මිලියන 26.51ක ලෝක බැංකු ණයක්

කොවිඩ් එන්නත් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කොවිඩ්-19 හදිසි ප්‍රතිචාර සහ පෙර සූදානම් ව්‍යාපෘතියේ දෙවැනි අතිරේක මූල්‍ය පහසුකම වන ඇමරිකා ඩොලර් මිලියන 26.51ක (රුපියල් කෝටි 522ක) ණය මුදල ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය ඊයේ (03 වැනිදා) තීරණය කර ඇත.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් යොමු කර තිබිණි. ජනගහණයෙන් 60%ක් එන්නත්කරණය කිරීමට රජය තීරණය කර ඇත.

ස්පුට්නික් එන්නත් මිලියන හතක් ඉදිරියේදී මිලදී ගැනීමට නියමිතය. ලෝක බැංකුවේ සමස්ත විදේශීය මූල්‍ය එකඟතාවය ඇමරිකා ඩොලර් මිලියන 80.51කි. මෙම මුදලින් එන්නත් ලබා ගැනීමේ වැඩපිළිවෙළට ලෝක බැංකුවේ එකඟතාවද ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

(Aruna)