Saturday, July 19, 2025
Follow Us
චීන ආරක්‍ෂක ඇමති අද දිවයිනට

චීන ආරක්‍ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි දෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. දිවයිනට පැමිණීමට නියමිත චීන ආරක්‍ෂක අමාත්‍යවරයා ලබන 29 වනදා තෙක් මෙරට රැදි සීටීමට නියමිත අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නායකයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

චීන ආරක්‍ෂක අමාත්‍යවරයාගේ මෙරට සංචාරය කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති නිරේදේශ අනුව සිදු කෙරෙනවා.

(Neth)