Friday, July 18, 2025
Follow Us
චීන ආරක්ෂක ඇමති ලබන 27දා දිවයිනට

මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා ලබන 27 වැනිදා මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ලබන 27 වැනිදා සිට 29 වැනිදා දක්වා වෙයි ෆෙන්ග්හි මහතා මෙරට තුළ රැදී සිටීමට නියමිත බවයි.

චීනයේ ඉහළ පෙළේ නියෝජිතයෙක් වන ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා රජයේ ඉහළම නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

(Aruna)