Friday, July 18, 2025
Follow Us
අමෙරිකාව සමග සහයෝගීතාවය වැඩි කිරීමට ක්‍රම සොයයි

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යුරෝපා සංගම් තනාපතිවරුන් සහ අමෙරිකානු තනාපතිවරිය අතර හමුවක් පවත්වා තිබේ.

සංවර්ධන ආධාර ඇතුළු ද්වි පාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කළහැකි ක්‍රම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බව පැවසෙයි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම සහ සංහිඳියා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගතිය ඇතුළු අඛණ්ඩ ක්‍රියාවලීන් පිළිබඳව ද අමාත්‍යවරයා එම තානාපතිවරුන් සමග අදහස් හුවමාරු කරගෙන තිබෙන බව සඳහන්ය.

හමුව සඳහා ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව, ජර්මනිය, නෙදර්ලන්තය ඇතුළු යුරෝපා සංගමයට අයත් රටවල තනාපතිවරුන් හා දූත කාර්යාලවල නියෝජ්‍ය ප්‍රධානීන් සහභාගී වූ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

(Aruna)