Friday, September 11, 2026
Follow Us
ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා මානව හිමිකම් යෝජනාව සම්මත වෙයි

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිලිබඳව යෝජනාව සම්බන්ධයෙන් වන ජන්ද විමසීම මිට සුළු මොහොතකට පෙර සම්මත වුවා.

එංගලන්තය විසින් ඉදිරිපත් කෙරුණු මානව හිමිකම් මණ්ඩලයේ 46 L-1 Rev යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී ජන්ද ප්‍රකාශ කිරීමක් සිදුකෙරුණා.

එහිදී එම යෝජනාවට පක්ෂව ජන්ද 22ක් සහ විපක්ෂව ජන්ද 11ක් ප්‍රකාශ කෙරුණා. ජන්දය භාවිතා නොකර සිටිය රටවල් සංඛ්‍යාව 14ක්.

ඉන්දියාව සහ ජපානය ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිය අතර පාකිස්ථානය, රුසියාව, චීනය ඇතුළු රටවල් 11 යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කර සිටියා.

(Neth)