Saturday, May 04, 2024
Follow Us
ජනපති සහ අගමැති ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහලේකම්වරයා සමග සාකච්ඡාවක

OIC හෙවත් ඉස්ලාමීය සහයෝගිතාව සංවිධානයේ මහලේකම් ආචාර්ය යූසුෆ් ඔතයිමීන් තහවුරු කරන්නේ තමන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග දුරකතන සංවාදයක නිරත වෙමින් ශ්‍රී ලංකාව හා සබඳතා පුළුල් කර ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනතාවගේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමටත් කතාබහ කළ බවය.

මුස්ලිම් ජනතාවගේ මරණ භූමදාන කිරීමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් OIC හෙවත් ලෝකයේ විශාලතම මුස්ලිම් රටවල එකතුවේ ප්‍රසාදය පළ වී තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයෙ බහරේනයේ යුවරජු වන සල්මාන් බින් හමාද් අල් කලීෆා සමග දුරකතන සංවාදයක නිරත විය.

අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් (Twitter) පණිවිඩයක සඳහන් වන්නේ දෙරට අතර සබඳතා හා සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි .

බහරේනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජික රටකි.

(Lanka Leads)