Saturday, May 04, 2024
Follow Us
චීන බලධාරීන්ට එරෙහිව රටවල් රැ⁣සක් සම්බාධක පනවයි

ඇමරිකාව, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය සහ කැනඩාව එක්ව චීනයේ,බලධාරීන් රැසකට සම්බාධක පනවා තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ෂින් ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් සුලුතරයට එරෙහිව සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් පදනම් කරගෙන ගමන් තහනම් ඇතුලු මෙම සම්බාධක පනවා ඇති බවයි.

මීට ප්‍රතිචාර ලෙස චීනයද යුරෝපා බලධාරීන් පිරිසකට සහ ඔවුන්ගේ පවුල්වල අයට අයත් ව්‍යාපාරවලට චීනය සමග ගනුදෙනු කිරීමේ සම්බාධක පනවා ඇති බව සදහන් වේ.

උයිගුර් සුලුතරයට අයත් මිලියන තුනකට අධික ජනතාවක් චීනය විසින් රැදවුම් කදවුරැවල රදවාගෙන සිටින බවට අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන සදහන් කරයි.

(Neth)