Saturday, May 04, 2024
Follow Us
ඉම්රාන් ඛාන්ට කොවිඩ්

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

මෙය පකිස්ථාන අගමැතිවරයාගේ කාර්යාලය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අගමැතිවරයා පසුගියදා කොරෝනා වෛරසයට එන්නත් මාත්‍රාවක් ද ලබාගත් බව අගමැතිවරයාගේ කාර්යාලය ප්‍රකාශකර තිබේ

ඔහු මේ වනවිට ස්වයං නිරෝධායනයේ පසුවන බවට අග්‍රාමාත්‍යවරයාගේ ජාතික සෞඛ්‍ය සේවා, නියාමන හා සම්බන්ධීකරණ විශේෂ සහකාර වෛද්‍ය ෆයිසාල් සුල්තාන් ට්විටර් සටහනක් තබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ආසාදිත බවට තහවුරු වී ඇත්තේ කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගෙන දින දෙකකට පසුවයි.

(Aruna)