දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ මෙරට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට ඩයලොග් ආයතනය ලබාදෙන රුපියල් මිලියන 420ක මූල්‍ය දායකත්වයේ තවත් පියවරක් ලෙස නවීකරණය කරන ලද කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය අද (05) ජනතා අයිතියට පත් කෙරිණි.
ඒ සඳහා ඩයලොග් ආයතනය රුපියල් මිලියන 42ක් වැය කර ඇති අතර, හදිසි ප්‍රතිකාර ඒකකයට අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ සපයමින් එය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර තිබේ.
මෙම නවීකරණයත් සමඟ කොත්මලේ සහ අවට ප්‍රදේශවල ජනතාවට හදිසි අවස්ථාවලදී වඩාත් කඩිනම් සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාගැනීමේ පහසුකම් පුළුල් වේ.
මෙහිදී අදහස් දක්වමින් රජයේ නියෝජිතයා සඳහන් කළේ ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතියක් තුළින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ජනතාවට ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලබාදීම රජයේ අරමුණ බවයි.
විශේෂයෙන්ම හදිසි අවස්ථාවලදී කඩිනමින් ප්‍රතිකාර ලබාදී ජීවිත බේරාගත හැකි වන පරිදි නාගරික සහ ග්‍රාමීය භේදයකින් තොරව රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
පසුගියදා හලාවත දිස්ත්‍රික් රෝහලේ අංගසම්පූර්ණ ශල්‍යාගාරයක් සහ එන්ඩොස්කොපි ඒකකයක් ජනතා අයිතියට පත් කිරීම ඇතුළු සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහන් සඳහා ඩයලොග් ආයතනය රජය සමඟ එක්ව ලබාදෙන අඛණ්ඩ දායකත්වය ද මෙහිදී අගය කර තිබේ.
මෙම අවස්ථාවට කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය අධිකාරී හිමේෂ් වීරතුංග, ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම, සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන ඇතුළු රජයේ නියෝජිතයන්, සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.