පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදුකිරීම, බරපතල තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව අද (22) ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.