Friday, September 18, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි. මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව සහ නැගෙනහිර පලාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.